අපෙන් සමුගත්,ලක්බිමේ උන් නලින් ප්‍රියන්ත අය්යා ගැන මගේ මතකය.
මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අපෙන් ටික ටික ඈත් වෙලා යන මනුස්සකම් ගැන මම එකතු කර ගත් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි.මගේ මේ වෑයම කොයි තරම් සාර්ථක වෙනවද කියන එක කාලය සහ මේ බ්ලොග් ඉරුව කියවන ඔයාලා තීරණය කරාවි.
වරදවා වටහා ගන්න එපා,මම මගේ මනුස්සකම ගැන කතා කරන්න හදනවා කියලා.නැහැ,මම කියන්න යන්නෙ මට මුණ ගැසුන පුද්ගලයන් මට ජීවිතය හදාගන්න,සැබෑ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න කියාදුන්න දේවල් .
මට මුනගැහුණු අය අතරේ ඉන්න මානුෂික ගුණාංගයන් පිරුනු පුද්ගලයන් දිහා බැලුවාම කවුරු ඉස්සරවෙලා තෝරා ගන්නද කියන එක ලොකු ප්‍රශ්නයක්.
ජීවතුන් අතර ඉන්න අය ගැන ලියන්න ඕන කම තිබුනත් මගේ පලවෙනි ලිපියට මම තෝරාගත්තෙ මට පොඩි දෙයකින් ලොකු බලපෑමක් කල කෙනෙක්ව.
ලක්බිම පුවත්පතේ රාජකාරිය කරපු,මින් වසර කිහිපයකට පෙර අවාසනාවන්ත විදියට අපෙන් සමුගත් නලින් ප්‍රියන්ත අය්යා ව තමයි මම මගේ ලිපියට පාදක කරගන්නේ.
නලින් අය්යාව මම ඉස්සර වෙලාම දැනගන්නේ පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට.මුලින් උපැස් යුවලක් පාවිච්චි නොකලත් පස්සෙ කාලෙකදි ඒ උපැස් යුවල ශරීරයේ කොටසක් බවට පත් වෙනවා.
මට මතක විදිහට
පාසල් කාලයේ අවසාන යුගයෙදි තමා ඔයකියපු උපැස් යුවල එන්නෙ.
හැබයි ඉතින් අනිත් ශිෂ්‍ය නායකයො වගේ නෙවෙයි මේ නලින් අය්යා හරිම නිවිච්චි මනුස්සයා.ඒ හින්දාමද කොහෙද කවුරු වුනත් නලින් අය්යා කියපු දෙයක් මග හැරියෙ නැහැ.ශරීරයෙන් වුනත් මහා ලොකු මනුස්සයෙක් නෙවෙයි,ඒ වුනාට පෞරුෂය නම් මහා ලොකුවට තිබුනා වුනත් කාටවත් අඩන්තේට්ටම් කරන්න නම් ඒක එයා පාවිච්චි කලේ නැහැ.
මට මේ සිද්ධිය වෙන්නෙ මම නවය වසරේ ඉගන ගන්නකොට.
ලංකාවෙ තිබිච්චි එක් භීම සමයක් ඉවර වෙලා රට යන්තම් සාමාන්‍ය තත්වට පත්වේගන එන කාලයක් තමයි ඒ දවස්.මමත් පාසල් වෙලාවෙන් පස්සෙ ගණිතයට ටියුෂන් පන්තියකට යන්න පටන් අරගත්තා තව අවුරුදු දෙකකින් එන ඕ ලෙවල් විභාගෙට මුහුන දෙන්න ලෙහෙසි වෙන්න.
ඒ හත් වෙනි කාල පරිච්ඡේදය,එදා බුද්ධාගම උගන්වපු ගුරුතුමිය ඇවිත් හිටියෙ නැති නිසා ඒ වෙනුවට ශිෂ්‍ය නායකයෙක්ව උගන්නන්න දාන්න විදුහල්පති වරයා තීරණය කරලා තිබුන නිසා,නලින් අය්යා ආවා අපට බුද්ධාගම උගන්වන්න.
ඇත්තම කියනවානම්,අපි කවුරුවත් එයාව ඒ තරම් ගණන් ගත්තෙ නැහැ.එයාට ඒක තෙරුම් ගියත් එයා ටිකෙන් ටික අපිව පාලනය කරන්න ගත්තෙ හරිම සියුම් විදිහට.
මට පන්ති යන්න තියන නිසා ,මම හිමින් සීරුවෙ බත් මුලක් ලිහාගන කන්න පටන් ගත්තා වෙලාව ඉතුරු කරගන්න හිතාගන.ඒත් මට වැඩේ ඒ තරම් වෙලාවක් කරගන යන්න හම්බ වුනේ නැහැ,නලින් අය්යට අහු වුන නිසා.
ඒත් එයා මම බත් මුල ඉවර කරන කම් එයාගෙ පාඩුවෙ ඉගැන්වුවා.මම යන්තම් කාල ඉවර වුනා විතරයි,
"දැන් බත්මුලක් කාලා ඉවර මල්ලි නැගිටින්න"
කියලා කිව්වා.
"ඔයා බත් එකක් මම උගන්වන වෙලාවෙ කෑවෙ මම ගුරුවරයෙක් නොවෙන නිසා කියලා මම හොඳට දන්නවා.හැබැයි ඔය වගේ දේවල් කරලා විභාග ෆේල් වෙච්ච දාකට ඒ හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ ඔය මල්ලි ඉස්සරහා පෙනේවි"
"මල්ලි අද තියන දේ අදම,මේ මොහොතෙම ඉවර කරන්න උත්සාහ ගන්න.වැඩිහිටියකුට වයස ,තරාතිරම නොබලා ගරු කරන්න"
මම සද්ද නැතුවම හිමිහිටම වාඩි වුනා.
පහු කාලයක මම ඕ ලෙවල් විභාගය සමත් වෙලා උසස් පෙළත් කලා.
ඒ වුනාට මට කවම දාවත් නලින් අය්යගේ අවවාදය අමතක වුනේ නැහැ.නලින් අය්යා සුමති ආයතනයේ රැකියාවට ගියාට පස්සෙ මට චිත්‍ර කිහිපයක් "අරලිය"පත්තරේ පළ කරගන්නත් උදව් කලා.
මම එයා අපෙන් සමුගත්ත වග දැනගන්නෙ ලක්බිම පත්තරේ වසර දහයක් සම්පූර්ණ කල වෙලාවෙ පළ කල අතිරේකයෙන්.
ඒ දවස් වල මම පිටරටකට ඇවිත් සිටි නිසා ඔහු ගැන විස්තර දැන ගැනීම නොලැබුනත් ඔහු දීපු අවවාදය මට හැම කාලයකටම වලංගුයි.
අද,මගෙ මේ කතාවෙන් කෙනෙකුට යමක් ගන්න පුලුවන්නම් තවත් ප්‍රමාද වෙන්නෙ නැතුව,ඒ දෙය අරගන ජීවිතය හැඩ ගස්වාගන්න.
හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්.....!

No comments:
Post a Comment