ආයුබෝවන් කියනවා “මුතු අහුරට ” එකතු වෙන හැමෝටම….!
මේ තියන චිත්‍රය දැක්කාම හිතුනෙ මොනවද කියලා මට අහන්න හිතෙනවා ඔයාලගෙන්,
හැබැයි ඉස්සරවෙලාම කියන්න ඕන මේ කියන්න යන පලවෙනි සිද්ධියටයි මේ චිත්‍රයේ සම්බන්ධය තියෙන්නෙ.
ඔයාලගෙන් සමහර අය දන්නවා ඇති “අනුර ශ්‍රීනාත්” කියන විශේෂිත චිත්‍ර ශිල්පියාව.මම අනුර ශ්‍රීනාත් මහත්මයා විශේෂිතයි කිව්වෙ,බොහෝම පොඩි සිද්ධියකින්ඉතාම සංවේදී නිර්මාණයක් ලෝකයට දායාද කරන්න,සහෘද රසිකයන්ගේ හදවත් ස්පර්ශ කරන්න පුලුවන් නිසයි.
හැබැයි නිර්මාණ විතරක් නෙවෙයි චිත්‍ර ශිල්පියා ඇතුලෙ ඉන්න “මනුස්සයාත්”බොහෝම අගය කල යුතු කෙනෙක්.
මම ලියන්නෙ ඒ මහත්මයා ඇඳපු චිත්‍ර කථාවකින් මම ගත්තු දෙයක්.
අම්මෙකුයි,තාත්තෙකුයි,දුවයි,පුතයි යනවා මුහුදු වෙරලට හවස් වරුවක.
ඔය කට්ටිය විනෝද වෙන අතරේ දුවටයි පුතාටයි තාත්තා අයිස් ක්‍රීම් අරන් දෙනවා.
මේ පොඩි දෙන්නා අයිස් ක්‍රීම් කන දිහාවෙ බලා ඉන්නවා එතන හිටපු හිඟන දරුවෙක්,
මේ සිද්ධිය දකිනවා තාත්තා,ඒයා අර හිඟන දරුවා දිහා බල බලා රවනවා.
ඒ අතරෙ අම්මත් අර හිඟන් දරුවාව දකිනවා.
එයා ,එයාගෙ දුවටයි පුතාටයි ලඟට ඒන්න කියනවා.
අම්මට බයයි දරුවන්ට බඩේ අමාරුව හැදේවි කියලා.
“දුව ,පුතා මෙහාට එන්න .මේ දරුවන්ට බඩේ අමාරුව හැදේවිද මන්දා”
මේ දේවල් දකින තාත්තා කට්ටිය එක්කම වෙන තැනකට යමු කියනවා.
ඒත් එක්කම දුවගේ අයිස් ක්‍රීම් එක එයා කාලා ඉවර කරලා අයිස් එක ඔතලා තිබුන කොලය එතනම බිම දානවා.
අර හිඟන දරුවා ඇවිත් ඒ කොලය අහුලනවා දැක්ක අම්ම කියනවා තාත්තාට,
“අනේ අර බලන්නකො අපේ දුව කාලා ඉවර කරපු අයිස් එකේ කොලය අර කොල්ලා අහුලා ගත්තා.”
එතකොට තාත්තා බොහෝම කේන්තියෙන් මෙහෙම කියනවා,
“බලන්න ඔය වගේ කාලකන්ණි නිසා තමයි වැදගත් මිනිහෙකුට මුහුදු වෙරළකට හවසකටවත් යන්න බැරි.අපි යමු යන්න.ඕක දැන් ඉතින් ලෙවකාවි..! “
එහෙම කියල එතනින් නතර නොවී හැරිලත් බලනවා අර හිඟන දරුවා, එයාලගෙ දරුවා වීසි කරපු කොලය ලෙව කනවද කියලා.
ඒ චිත්‍ර කථාවෙ අවසාන රූප රාමුව තමයි මම ප්‍රථිනිර්මාණය කරලා ඉස්සරවෙලා දාලා තියෙන්නෙ.
තමන් බලාපොරොත්තු නොවිච්චි දෙයක් සිද්ධ වෙනකොට ඒ අම්මටයි තාත්තාටයි මොනවා හිතෙන්න ඇත්ද?ලෝකයේ හැමදරුවෙක්ම තමන්ගෙ දරුවෙක් වගේමයි කියලා හිතන අම්මලා තාත්තලා බිහි වෙනකම් ඔය වගේ දේවල් අපිට අහන්න ,දකින්න ලැබේවි.
ඒත් ඔය වගේ තමන්ගෙ වටාපිටාව ගැන හිතන අය නම් ,අපට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්.ඒ වෙනුවට අපට කොච්චරවත් මුණ ගැහෙන්නෙ පාරවල් ගානෙ මුත්‍රා කරන,තමන්ගෙ හැසිරීමකින් තව කෙනෙකුට කරදරයක් වෙනවට කැමති අය. නිකමට හිතන්න පාරෙ යත්දි බිම වැටිල තියන මුදල් පසුම්බියක් ඔබ අහුලාගත්තොත් මොකද කරන්නෙ? "කවුරුවත් වටපිට ඉන්නවද බලලා ඉක්මනට සාක්කුවට දා ගන්නවා" එහෙම සිතිවිල්ලකුත් එන්න පුලුවන් . "ගෙදර ගෙනිහින් සල්ලි අරගන ආපහු පාරටම ගිහින් දානවා" අන්න,තමන් වරදක් කරන බව දැන දැනම ඒ වරද සාධාරණීකරනය කරන්න හදනවා. ඒත් ඔය ඇහින්ද පසුම්බිය හැකි ඉක්මණින්ම අයිති කාරයාට දෙන්න ඔබට හැකි නම්,මොනතරම් වටිනා කියන වැඩක් ද ඒක? දවසක ඔබේ පසුම්බියත් ඔය විදියටම නැතිවුනෝතින්......? ඇත්තටම අපි,ආත්මාර්ථකාමී බවෙන් නම් හුඟාක් ඉහල තැනක ඉන්නවා නේද...?

No comments:
Post a Comment