මේ සිද්ධිය වෙන්නෙ මීට වසර දෙකකට විතර උඩදි.
ඔය වකවානුවෙදි මම ඉන්න රටට එනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟාවලියකට.
ඉතින් කණ්ඩායම් දෙකම ඇවිත්ලා තරඟ පටන් ගන්න දවස් දෙක තුනකට කලින්.සාමාන්‍යයෙන් එහෙම තමයි සිද්ධ වෙන්නෙ.
ඒ තරඟ පවත්වන රටේ දෙශගුණයට හුරු වෙන්නත් එක්ක.
මම ඉන්න ප්‍රාන්තයෙ තමයි තරඟ පවත්වන්න තියෙන්නෙ.
සාමාන්‍යයෙන් කණ්ඩායමට ඇතුලත් වෙන ක්‍රීඩකයො 14 විතරක් මදි එයාලගෙ පුහුණුවීම් වලට.එයාලට පිතිහරඹයේ පුහුණුවට අමතර පන්දු යවන්න අය හොයලා දෙන එක තරඟ සංවිධායකයින්ගෙ වගකීමක්.
ඔය හේතුව නිසා මටත් අපේ ජාතික කණ්ඩායමට පන්දු යවන්න අමතර පන්දු යවන්නෙක් විදිහට එන්න කියලා මෙහෙ ක්‍රිකට් සංගමයෙන් ඇමතුමක් ආවා.
"අපේ කොල්ලන්ට බෝලයක් දාලා හරි උදව් වෙන්න තියනවානම් කොච්චර දෙයක්ද"
කියලා හිතලා මමත් ගියා වෙලාවට පුහුණු සැසිය පවත්වන ක්‍රීඩාංගනයට
ඉස්සරවෙලාම තිබුනේ අපේ කොල්ලන්ගෙ පුහුණුවීම්.හිතේ හැටියට පැය දෙකක් විතර අපේ කට්ටිය පුහුණුවීම් කරලා ඉවරවුනා.එතකොට වෙලාව හවස හයහමාරට විතර ඇති මම හිතන්නෙ.
ඒ වෙනකොට අපේ කට්ටිය එකා දෙන්නා යනවා ක්‍රීඩාංගනයෙන් එළියට.
ඔය අතරේ මට මුන ගැහුනා මම ක්‍රීඩා කරන කණ්ඩායමේ ඉන්න පකිස්තානු ජාතික ක්‍රීඩකයෙක්.
එයත් ඇවිල්ල එයාගෙ රටේ ජාතික කණ්ඩායමට උදව් වෙන්න,අතිරේක පන්දු යවන්නෙක් විදියට පන්දු යවලා.
ඉතින් පුද්ගලයා මාව දැක්ක ගමන් කථා කලා
"ටීම් එකට බෝල් කරන්න ආවද?"
මගේ කණ්ඩායමේ සාමාජිකයා,ඉතින් කතා නොකර කොහොමද?
"ඔව්,ඔයා ආවෙත් පකිස්ථානු කණ්ඩායමට බෝල් කරන්නද?"
මිනිහා දුන්නෙ මාව හොල්මන් වෙලා යන උත්තරයක්.
"බෝල් කරන්නම නම් නෙවෙයි.රාවෝ ඉෆ්තිකාර් මගෙ හොඳම යාලුවෙක්.එයා මට කෝල් කරලා කිව්ව එන්න කියල,ඒකයි."
(රාවෝ ඉෆ්තිකාර් කියන්නෙ ඒ තරඟාවලියට තෝරගන තිබුනු අලුත් ක්‍රීඩකයෙක්)
එයා ඒ ටික කිව්වෙ හරීම ගෞරවයක් ඇඟට අරගන.
හැබැයි අපි දැනගන උන්නා මනුස්සයා හීනියට බොරුත් කියනවා කියලා.
"ඔයා කැමතිනම් රාවෝ ව අඳුනාගන්න,මට පුලුවන් ඔයාව එයාට මුණ්ගස්සන්න."
ඇත්තටම ක්‍රීඩාවෙ ඉන්න කෙනෙක් හැටියට ජාතික කණ්ඩායමක කෙනෙක් අඳුනාගන්න මගෙත් අකමැත්තක් තිබුනෙ නැහැ.
ඔන්න දැන් යාලුවා රාවෝ එක්ක කරපු දේවල් විස්තර ගොඩාක් කියනවා.
අපිත් එක්ක ඉන්න අනිත් අයත් ටිකක් විතර ගෞරව සම්ප්රයුක්තව මගෙ යාලුවා දිහා බලන්න පටන් අරගන.
හිතන්න ,නිකමට වගේ කෙනෙක් කිව්වොත් 'සන්ගා'මට කෝල් කලා එන්න කියලා.
වචනෙන් කියනවා නම්'ටිකක් කොර'නේද?
ටිකක් වෙලා ගියා.
දැන් 'විසිල්' ඉවරයි 'බල්ටි' පටන් ගන්නයි යන්නෙ.ඒ කිව්වෙ පාකිස්ථානු ක්‍රීඩකයො එක එක්කෙනා එනවා.
අපි දැන් බලා ඉන්නවා ඔය කියන රාවෝ ඉෆ්තිකාර් ඇවිත් අපේ 'කාෂිෆ්'ව වැලඳ ගන සතුට ප්‍රකාශ කරන මොහොත එනකම්.
යූනුස් කාන් ආවා,හැමෝටම හිනාවීගන.
කසකාරයා අෆ්රීඩි ත් ආවා අත වනාගන.
බලා හිටපු අයගෙන් එයාලාට ලොකු ප්‍රතිචාරයක් ලැබුනා .
ඔන්න අර කියපු රාවෝ එනව ,අපේ යාලුවා ඉස්සරහට ගියා හිනාවීගන.තමන්ගෙ යාලුවාව පිලිගන්න.
අනේ අර ක්‍රීඩකයා එයාව ගනන් ගන්නෙත් නැතුවම, කවුරුවත් තමන්ගෙ ඉස්සරහට එනවා නොදැක්ක ගානට යන්න ගියා.
තමන්ට එන්න කියලා කෝල් කරපු යාලුවාව පිළිගන්න ඉස්සරහට ගිය කාෂිෆ් ට ආපහු හැරෙන්නෙ කොහොමද කියල කියා දෙන්න අපිට සිද්ධ වුනා.
ඇත්තටම සමාජයේ ටිකක් ඉහල තලයක ඉන්න කෙනෙක් එක්ක අපේ ඇඳුනුම් කමක් තියනවා නම්,අපි හරි කැමතියි අපේ අනික් යාලුවන්ට කියන්න,
"අහවලා මගෙ හොඳම හිතවතානෙ.මම මේ දැනුත් එයා එක්ක කතා කරලා එන ගමන්"
සමහර විට ඒ පුද්ගලයට අපිව මතකත් නැතුව ඇති ඒත්,
අපි මොනවද ඔය කියපු වාක්‍යයෙන් බලාපොරොත්තු වෙන්නෙ?
"අහවලාගෙ දිස්නෙන් ටිකක් මමත් ගාගන්න ඕන"
කියන එක නෙවෙයිද?
ඔබත් අනුන්ගෙ දිස්නයෙන් බැබළෙන්න හිතන කෙනෙක් නම්,පරිස්සම් වෙන්න.
ඔබ ලජ්ජාවට පත් වීමේ අවදානම වැඩියි.
මේ දැන් මහින්ද අය්ය කෝල් එකක් දුන්න.
ReplyDelete(අර මහින්ද නෙමේ, වෙන මහින්ද කෙනෙක්)
මේ අර කලින් වර්ඩ්ප්‍රෙස්වල තිබුනු බ්ලොග් එක නේද????
ReplyDelete@ kidoඔව් .මම වර්ඩ් ප්‍රෙස් වලට ගියේ පහුගිය ටිකේ බ්ලොගර් ලා අවුල් වෙච්ච නිසයි.මම බ්ලොග් එක ලියන්න මග ඇරෙන නිසා අනිකෙ එකක් ලිව්වට දැන් දිගටම මේකේ ලියනවා.
ReplyDelete@ ඔබ්සවර් ,වෙන කෙනෙක් නිසා අවුලක් නැහැ නේද?
මහින්ද මාමා මට වෙසක් එකට මැසේජ් එකකුත් එව්වා :D
ReplyDelete(අර කෙනාම තමා)
word verification අයින් කලොත් හොද නැද්ද අයියෙ??
ReplyDelete